නාඳුනන මළ සිරුරක්
November 24, 2022 09:57 am
පෑලියගොඩ පොලිස් වසමේ, කැලණි ගඟේ 4 කණුව ප්‍රදේශයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මරණකරු පිළිබඳ මෙතෙක් අනන්‍යතාවය තහවුරු වී නොමැති බවය.
මියගොස් ඇති පුද්ගලයා අවුරුදු 25 - 35ත් අතර උස අඩි 4යි අඟල් 8ක් පමණ සාමාන්‍ය සිරුරක් ඇති අයෙක් බව පොලීසිය පවසයි.
රතු සහ සුදු ඉරි අත්කොට ටී ෂර්ට් එකක් සහ ක්‍රීම් පැහැති කොට කලිසමක් ඇඳ සිටින බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෘත ශරීරය මේ වනවිට හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙනැවිත් තිබේ.
පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.