වෙලේ සුදා ට එරෙහි නඩුවක් ගැන දුන් නියෝගය

වෙලේ සුදා ට එරෙහි නඩුවක් ගැන දුන් නියෝගය

November 23, 2022   04:04 pm

ගිනි අවි සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා එල්ලවී මරණීය දණ්ඩනය නියම ව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට එරෙහිව ගොනුකළ නඩුවක් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර්  9 වනදා පවත්වන බව කොළඹ මහාධිකරණය නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ මෙම අද (23) නඩුව කැඳවනු ලැබීය.

එහිදී  බොරලැස්ගමුව  පොලීසියේ ස්ථානාධිපති ඇතුළු සාක්ෂිකරුවන්ට එදින අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

2006 අප්‍රේල් 24 වනදා හෝ ඊට ආසන්න දිනකදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී නිසි බලපත්‍රයක් නොමැතිව ටී-56 ගිනි අවියක් හා රිපීටර් වර්ගයේ  රිවෝල්වරයක් සන්තකයේ තබාගැනීමට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි.