හිටපු ඇමති මුත්තු සිවලිංගම් අභාවප්‍රාප්ත වෙයි
November 23, 2022 10:05 am
හිටපු නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා නුවරඑළියේ පිහිටි ඔහුගේ නිවසේදී අද (23) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ මුත්තු සිවලිංගම් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි.
1994 සිට 2010 දක්වා ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ජනතාව විසින් තේරී පත් විය.
2010 මැතිවරණයේදී ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වු අතර අමාත්‍යවරයකු ලෙස ද කටයුතු කර ඇත.
මුත්තු සිවලිංගම් මහතා 2015 පාර්ලිමේන්තු මැතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ඡන්ද 45,352ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීම විශේෂත්වයකි.
මියයන විට ඒ මහතා 79 වන වියේ පසුවිය.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (24) පස්වරු 3ට නවරේලිය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කඳුරට ජනතා පෙරමුණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා ද මුත්තු සිවලිංගම් මහතාගේ අභාවය පිළිබඳ සිය ශෝකය පළ කළේය.