එංගලන්ත ක්‍රීඩකයින් කළුපටි බඳී

එංගලන්ත ක්‍රීඩකයින් කළුපටි බඳී

November 13, 2022   02:16 pm

පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාකිස්තාන සහ එංගලන්ත කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වේ.

තරගය සඳහා එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් කළු පටියක් පැලඳගෙන සහභාගි වී සිටීම විශේෂත්වයකි.

එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ගෝඩ් ෆාදර් ලෙස හඳුන්වන David English ගේ මිය යාම හේතුවෙන් ඔහුට ගෞරවය පුද කිරීම සඳහා එංගලන්ත ක්‍රීඩකයින් මෙලෙස කළුපටි පැලඳ සිටී.

David Stuart English ඊයේ (12)මිය ගොස් ඇත්තේ හෘදයාබදයක් හේතුවෙන් වන අතර, මියයන විට ඔහු 76 වන වියේ පසුවුණි.