ඉන්දියාවේදී ඇල්ලූ සැකකරුවන් ගැන වැඩිදුර තොරතුරු

ඉන්දියාවේදී ඇල්ලූ සැකකරුවන් ගැන වැඩිදුර තොරතුරු

November 12, 2022   01:16 pm

LTTE සංවිධානයට සහාය පළකළ බවට‍ අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් චෝදනා ගොනුකර තිබේ.

තමිල්නාඩු ප්‍රාන්තය තුළ ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා සැලසුම් කළ බවට එම සැකකරුවන්ට චෝදනා එල්ලවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මැයි මාසයේ තමිල්නාඩු ප්‍රාන්තයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් ගමන් කරමින් තිබූ වෑන් රථයක තිබී අවි ආයුධ කිහිපයක් ද සොයාගෙන තිබුණි.

සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මෙම සැකකරුවන් විසින් තහනමට ලක් කර ඇති LTTE සංවිධානය අනුව යමින් ඒ හා සමාන සංවිධානයක් ගොඩනැගීමට කටයුතු කර ඇති බවට අනාවරණය වු බව ඉන්දීය ජාතික විමර්ශන ඒකකය සඳහන් කර ඇත.