මහියංගනය ප්‍රාදේශීය සභා සභාපතිට ඇප
November 10, 2022 06:32 pm
මහියංගනය ප්‍රාදේශීය සභා සභාපති කේ.පී ගුණවර්ධන මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.
මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමිට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව අද (10) අත්අඩංගුවට ගෙන මහියංගනය අධිකරණයට ඉදිරිපත් කළේය.
පසුගිය 27 වනදා ප්‍රාදේශීය සභා රැස්වීම අතරතුර මෙම පහරදීම සිදු වූ බවට පැමිණිලිකාර හිමියන් පවසයි.