කල්ලි දෙකක් එකතු වී කළ වැඩක් -CCTV සහිතයි

කල්ලි දෙකක් එකතු වී කළ වැඩක් -CCTV සහිතයි

November 8, 2022   11:17 am

මහ මඟ නවතා තිබෙන යතුරුපැදි සොරකම් කර, එම යතුරුපැදි කොටස් කර විකිණීම සම්බන්ධයෙන් සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එම සැකකරුවන් කණ්ඩායම් දෙකක සමාජිකයින් බවය.

එහිදී එක් කල්ලියක සාමාජිකයන් සිව්දෙනෙකු සහ තවත් කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු බොරලැස්ගමුව පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් අතර ගරාජ් හිමිකරුවන් දෙදෙනෙක් සහ මූල්‍ය සමාගමක සේවකයෙක් ද සිටින බව වාර්තා වේ.

සැකකරුවන් සන්තකයේ තිබී යතුරුපැදි හතක් පොලිස් භාරයට ගෙන තිබේ.

බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ ආයතනයක් ඉදිරිපිට නවතා තිබූ සිවිල් ඉංජිනේරුවෙකුට අයත් යතුරුපැදියක් සොරා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත් බව පොලීසිය පවසයි.

මෙම එක් කණ්ඩායමක සැකකරුවන් බස්නාහිර පළාතෙන් සොරකම් කරගන්නා යතුරුපැදි දකුණු පළාතෙහි ගැනුම්කරුවන්ට විකිණීම සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

මෙම සැකකරුවන් බොරලැස්ගමුව, මිරිහාන, හක්මන සහ කිරින්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.