ගානියා ට එරෙහි නඩුවේ විරෝධතාවලට ලිඛිත දේශන ඉදිරිපත් කරන්න නීතිපතිට කල්දෙයි

ගානියා ට එරෙහි නඩුවේ විරෝධතාවලට ලිඛිත දේශන ඉදිරිපත් කරන්න නීතිපතිට කල්දෙයි

November 8, 2022   11:05 am


2019 වසරේ සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදුකළ බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකළේ යැයි චෝදනා කරමින් කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කර තිබෙන මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද (08) නීතිපතිවරයාට කල් ලබාදුන්නේය.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විසින් අදාළ ලිඛිත දේශන අධිකරණයට භාරදීම සිදුකළේය.

අනතුරුව ඊට අදාළ පිළිතුරු ලිබිත දේශන අද සිට සති තුනක් තුළ ගොනුකරන මෙන් විනිසුරුවරයා විසින් නීතිපතිවරයාට කල්දුන්නේය.

අනතුරුව නඩුව ජනවාරි මස 11 වනදා කැඳවීමට ද නියම කළේය.

2019 වසරේ නොවැම්බර් මස 25 වනදා කොළඹ කුරුදුවත්ත ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදී සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයින් කණ්ඩායමක් තමන්ම පැහැරගෙන ගොස් තර්ජනය කොට ලිංගික හිරිහැර සිදුකළ බවට, අසත්‍ය පැමිණිල්ලක් සිදුකළේ යැයි චෝදනා කරමින් අදාළ විත්තිකාරිය ට එරෙහිව නීතිපතිවරයා එම නඩුව ගොනුකර තිබේ.