මම ජනාධිපති වෙලා ඉන්න කොට හැම රටක්ම උදව් කරා -මෛත්රී
October 24, 2022 08:08 am
සිය ධුර කාලය තුළ පැවැති අයුරින් මිත්රශිලි විදේශ ප්රතිපත්තියක් රටේ නොමැති වීම පවතින අර්බුදකාරි තත්ත්වය උග්රවීමට හේතු වී ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ පසුගිය වසර තුනක කාලය තුළ ගනු ලැබු තීන්දු තීරණ ජනතාව අතර මෙන්ම රජය තුළ ද දැඩි ප්රශ්නකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බවය.
පොළොන්නරුව ප්රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේය.
"අපි හැමවේලේම ආණ්ඩුවට මේ ප්රශ්න කථාකරනවා ජීවන වියදම, බඩු මිල, බෙහෙත් හිඟය. මේ කරණු හැමවේලේම කියනවා. නමුත් ආණ්ඩුවත් බරපතළ ආර්ථික අමාරුකමක ඉන්නේ, නමුත් අන්තර්ජාතික වශයෙන් මම ජනාධිපති ධුරය දරන කාලයේ කිසිම බේදයක් නැතුව ලෝකයේ සියලුම රටවල් අපිට උදව් කළා. යුරෝපයේ ද, අමෙරිකාවද, චීනයද, ඉන්දියාවද, රුසියාවද, ලෝකයේ අනෙක් රටවල් හැම එකක්ම අපිට උදව් කළා. ඒ මගේ විදේශ ප්රතිපත්තිය නිසා. මම සෑමකෙනෙක් එක්කම හොඳ යහපත් තත්ත්වයෙන් සම්බන්ධතා පවත්වාගෙන ගිය නිසා. ඉතින් පසුකාලිනව විශේෂයෙන් පසුගිය අවුරුදු 3 ඔබ තමුන්නාසේලා දන්නවා සිදුවුණ සිදුවීම් තුළ මේ රට අමාරුකම්වලට පත්වෙලා තියෙනවා."