මුදල් කොල්ලයකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

මුදල් කොල්ලයකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

October 23, 2022   09:42 am

රුපියල් ලක්ෂ 21ක මුදලක් කොල්ලකෑමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පසුගිය 4 වනදා මොරටුව ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවකයෙකු රුපියල් ලක්ෂ 21ක් බැංකුවක තැන්පත් කිරීම සඳහා යමින් සිටියදී ඔහුව පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකර එම කොල්ලකෑම සිදුකර ඇති බවය.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයේදී ඊට අදාළ සැකකරුවන් දෙදෙනා සහ කොල්ලකෑම සඳහා භාවිත කළ කුලී පදනම මත ලබාගත් වෑන් රථයක්, යතුරු පැදියක්, සහ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසුවේය.