නවසීලන්තයට සුපිරි ජයක්
October 22, 2022 03:55 pm
ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ අද (22) පැවැති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ සිඩ්නි හිදීය.
එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 200ක් රැස් කළේය.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබාදීමටය.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 201කි.
නමුත්, පන්දුවාර 17යි 01 පන්දුවක් තුළ සියලුදෙනා දැවී ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 111ක් පමණි.