ශ්‍රී ලංකාව යුක්රේනයෙන් කළ ඉල්ලීම
September 18, 2022 09:58 pm
රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනෙකු යුක්රේන බලධාරීන් විසින් මුදාගත් බවට පළවූ පුවත් වාර්තාවේ සත්‍යතාව තහවුරු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය යුක්රේන රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
පසුගිය මාර්තු මාසයේ යුක්රේනයේ කාර්කිව් ප්‍රදේශයේ දී රුසියානු හමුදා ග්‍රහණයට ගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනෙකු තම හමුදා විසින් මුදාගනු ලැබූ බව හෙළි කර තිබුණේ යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසිනි.
මේ අතර මෙම මුදාගත් බව කියැවෙන පුවත ප්‍රතික්ෂේප කරන කාර්කිව් ප්‍රදේශයේ රුසියානු ප්‍රධානී විටලි ගැන්චෙව් ප්‍රකාශ කර ඇත්තේ යුක්රේන හමුදා ශ්‍රී ලාංකිකයින් පිරිස අත්අඩංගුවට ගෙන රහසිගත ස්ථානයකට රැගෙන ගොස් ඇති බවය.