සියයට 55ක් මාරාන්තික බව වැඩි කොවිඩ් ප්‍රභේදයක් ලංකාවේ

සියයට 55ක් මාරාන්තික බව වැඩි කොවිඩ් ප්‍රභේදයක් ලංකාවේ

June 10, 2021   05:37 pm

මෙරට ප්‍රදේශ රැසකින් හඳුනාගත් බ්‍රිතාන්‍ය B117 (ඇල්ෆා) කොවිඩ් ප්‍රභේදය අවම වශයෙන් සියයට 50කට වැඩි වේගයකින් පැතිරීම සිදුවන බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ලංකාව තුළ පැතිර යන කොවිඩ් ප්‍රභේද පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍යවරයා සඳහන් කර සිටියේ, එම ප්‍රභේදයේ දී රෝගයේ දරුණුභාවය හා මාරාන්තික බව ද සියයට 55කින් පමණ වැඩි බවය.

මෙරට කාලයක් පුරා පැතිර යමින් තිබු B.1.411 යන ප්‍රභේදය යටපත් කරමින් මේ වන විට ඇල්ෆා ප්‍රභේදය හිස ඔසවමින් ඇති බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

ප්‍රශ්නය - අපේ රටේ එන්නත් වර්ග 3ක් භාවිත වෙනවා. එන්නත් වර්ග වෛරසයට බලපාන්නේ කෙසේ ද?

“අපි වාර්තා කළ වාර්තාවේ තියෙනවා, සෞඛ්‍ය අංශයේ කිහිපදෙනෙකුටත් හැදුනා. හැදුන කිසිම කෙනෙකුට අමාරු වුණේ නෑ. මියගියේ නෑ. සියලුදෙනාට රෝගය වැළඳුනත් ඉතා ඉක්මනින් සුවය ලබලා  ගෙදර යන්න පුළුවන් වුණා විශේෂයෙන් ම එන්නත්කරණය නිසා. ඒ සියලුදෙනා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත්ත පුද්ගලයින්. “