රන්මාල කැඩු සිව්දෙනෙක් අත්අඩංගුවට

රන්මාල කැඩු සිව්දෙනෙක් අත්අඩංගුවට

May 19, 2021   09:55 am

පසුගිය දිනවල සිදුවු ගෙල බැඳි රන්මාල මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙක් කැලණිය කොට්ඨාස අපාරධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩපාත, කිරුළපන හා පෑලියගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සැකකරුවන් සන්තකයේ තිබු රන් පවුම් 15කට අධික රන් භාණ්ඩ, කාන්තා අත් ඔරලෝසු දෙකක් හා විදේශීය මත්පැන් බෝතල් 9ක් ඇතුළු මුදල් සොයා ගත් බව ද පැවසීය.

අදාළ සැකකරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් ලෙස නිවෙස්වලට ඇතුළු වී සොරකම් සිදුකර ඇති අතර, ගෙල බැඳි රන්මාල ද රැසක් කඩාගෙන ගොස් තිබේ.

පසුගිය පැය 24ක කාලය තුළ වව්නියාව, යාපනය, වරකාගොඩ හා ආරච්චිකට්ටුව පොලිස් වසම්වලින් ගෙල බැඳි රන්මාල කඩා ගැනීමේ සිදුවීම් 4ක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.