නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ 06කට කොවිඩ්

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ 06කට කොවිඩ්

May 11, 2021   08:08 pm

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ 06 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ එහෙත් එම කාර්යාලයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවය.