මුතුරාජවෙල රැකගැනීමට තීරණ රැසක්

මුතුරාජවෙල රැකගැනීමට තීරණ රැසක්

May 11, 2021   11:56 am

මුතුරාජවෙල තෙත්බිම් කලාපය සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා වර්තමානයට ගැළපෙන පරිදි ප්‍රධාන සැලැස්මක් කඩිනමින් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

එම ප්‍රධාන සැලැස්ම සැකසීම සඳහා අදාළ පාර්ශ්වකාර ආයතනවල ප්‍රධානීන්ගෙන්/නියෝජිතයින්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් සහ ක්‍රියාකාරී කමිටුවක් පත්කිරීමට ද අනුමැතිය ලැබී තිබේ.

එම ප්‍රධාන සැලැස්ම යටතේ හඳුනාගනු ලබන ජාතික රක්ෂිතයක් ලෙස සංරක්ෂණය කළයුතු ප්‍රදේශ "වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ජාතික රක්ෂිතයක්" ලෙස ප්‍රකාශයට පත්කිරීමට ද සැලසුම් කර ඇත.

එම කැබිනට් පත්‍රිකාව අගමැතිවරයා (නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන්), වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා සහ පරිසර අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත්කර තිබේ.