ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

May 11, 2021   06:35 am

අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක් හුදකලා කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

මාතර දිස්ත්‍රික්කය

මාතර පොලිස් බලප්‍රදේශයේ, 
උයන්වත්ත 417 G
උයන්වත්ත උතුර 417 D

මාතලේ දිස්ත්‍රික්කය
රත්තොට පොලිස් බලප්‍රදේශයේ,
උඩහපුවිද E367

මහනුවර දිස්ත්‍රික්කය
කඩුගන්නාව පොලිස් බලප්‍රදේශයේ,
වල්ගම්පාය වසමේ තිබ්බුට්ට ගම
වල්ගම්පාය වසමේ කොස්ගස්තැන්න ගම

පුත්තලම දිස්ත්‍රික්ක
කොස්වත්ත පොලිස් බලප්‍රදේශයේ,
මැද කිරිමැටියාන 466A

  • හුදකලා බව ඉවත් කළ ප්‍රදේශය

කුරුණෑගල දිස්ත්‍රික්කය
කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශයේ,

නිකදළුපොත