චීන රොකට්ටුවේ සුන්බුන් ඉන්දීය සාගරයට පතිත වෙයි

චීන රොකට්ටුවේ සුන්බුන් ඉන්දීය සාගරයට පතිත වෙයි

May 9, 2021   09:57 am

චීනය විසින් අභ්‍යවකාශ ගත කළ 'ලෝන්ග් මාච් 5B' රොකට්ටුවේ සුන්බුන් මේ වන විට ඉන්දියන් සාගරයට පතිත වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මාලදිවයිනට බටහිරින් ඉන්දියානු සාගරයට එම සුන්බුන් කොටස් ඇඳ වැටී තිබේ.

චීනයේ වේලාවෙන් පෙරවරු 10.24 ට පමණ එම සුන්බුන් පතිත වී ඇත.

සුන්බුන්වලින් වැඩි ප්‍රමාණයක් වායුගෝලයේදී දැවී ගොස් ඇති බව චීන බලධාරීන් සඳහන් කළේය.

මීටර් 5ක් පළල සහ දිගින් මීටර් 30කින් යුතු එම රොකට්ටුව, චීනයේ නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටසක් (මොඩියුලයක්) අප්‍රේල් මස අවසානයේදී කක්ෂයට ගෙන යාම සඳහා භාවිත කර තිබුණි.

චීනය විසින් සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පියාසර‍ කරවූ රොකට්ටුවක් පසුව ඔවුන්ගේ පාලනයෙන් ගිලිහී තිබූ අතර ඊයේ (08) එහි කොටසක් පෘථිවියට වැටීමක් සිදුවිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.