ජනපති ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සමග සාකච්ඡාවක

ජනපති ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සමග සාකච්ඡාවක

May 7, 2021   02:46 pm

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාව සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 සපයා ගැනීමට උදව් කරනු ඇති බවය.

ජනාධිපතිවරයා තම ට්විටර් පණිවුඩය ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දෙවන මාත්‍රාව ලබාදීමට ලොවපුරා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 20ක අවශ්‍යතාවයක් ඇති බවය.

එසේම හදිසි භාවිතය සඳහා චීනයේ සයිනොෆාම් එන්නතට ඉදිරි දින කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබාදිය හැකි බවට කරුණු හෙළිවූ බව ජනපතිවරයා පවසයි.