මිනුවන්ගොඩ - පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුර 25000 ඉක්මවයි

මිනුවන්ගොඩ - පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුර 25000 ඉක්මවයි

December 7, 2020   09:40 pm

අද (07) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 377ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 294ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 83ක් වශයෙන් හඳුනාගෙන තිබේ.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 703ක් වේ.

ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 25,025කි.