එගොඩඋයනේ දැරිවියන් දෙදෙනා ගමක් හඬවා අවසන් ගමන් යයි

එගොඩඋයනේ දැරිවියන් දෙදෙනා ගමක් හඬවා අවසන් ගමන් යයි

December 7, 2020   07:30 pm

අධික වේගයෙන් ධාවනය කෙරුණු යතුරු පැදියක ගැටී මියගිය කුඩා දැරිවියන් දෙදෙනාගේ අවසන් කටයුතු විශාල පිරිසකයේ සහභාගීත්වයෙන් අද (07) සිදු කෙරිණි.

එම දැරිවියන්ට මරු කැඳවමින්, ගැබිනි මවට බරපතළ තුවාල සිදුකළ එම අනතුර මොරටුව එගොඩඋයන මාර්ගයේදී ඉකුත් 4 වැනිදා රාත්‍රියේ සිදුවිය. 

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ මව තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර සිව්මස් ගැබිනියක් වූ ඇගේ කළලයද අනතුරින් විනාශ වී තිබුණි.

අනතුරින් දිවි අහිමි වූ දරු දෙදෙනාගේ සිරුරු මොරටුව එගොඩඋයනේ ඥාති නිවසකට ඊයේ රාත්‍රියේ රැගෙන එනු ලැබීය.

ඒ, මියගිය දරු දෙදෙනා වාසය කළ නිවසේ දේහයන් දෙකක් තැබීමට ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීම හේතුවෙනි.

මොරටුව එගොඩඋයන ශාන්ත මරියා දේවස්ථාන සුසාන භූමියේදී එම දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදු කළේය.