තැන තැන හමුවූ කොවිඩ් රෝගීන්

තැන තැන හමුවූ කොවිඩ් රෝගීන්

December 6, 2020   07:05 pm

බේරුවල සිට මැණික් ව්‍යාපාර කටයුතු සඳහා පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඒ නිවිතිගල දී සිදුකළ අහඹු PCR පරීක්ණයකදී ය.

කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකුට කොවිඩ් -19  වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කළ බව කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක යු.කේ.ආර්.ඩී ලසන්ත මහතා පැවසීය.

මේ අතර වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම නිසා එහි සේවකයෙකු මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය වෙත සේවය කිරීමට පසුගියදා පැමිණ තිබුණි.

ඔහුව පසුගිය 04 වනදා PCR පරීක්ෂණයකට යොමුකර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ඔවුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවය.

අදාළ සේවකයා පසුගිය පළමු වනදා හා දෙවෙනිදා එහි සේවය කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.