සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කිරීමට දිනයක් ඉල්ලයි

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කිරීමට දිනයක් ඉල්ලයි

December 6, 2020   04:19 pm

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ලබන වසර මුලදී සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කිරීමට ජනවාරි මස පළමු වැනිදා වනවිට දිනයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය බලධාරින්ට දැනුම්දුන් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

ඊයේ (05) පාර්ලිමේන්තුවේදී වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, ගුවන්සේවා අපනයන කලාප අමාත්‍යාංශවල වැය ශිර්ෂයන් විවාදයට ගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.