හෙට සිට බස් ගමන් ආරම්භය වෙනස් ක්‍රමවේදයකට

හෙට සිට බස් ගමන් ආරම්භය වෙනස් ක්‍රමවේදයකට

December 6, 2020   07:45 am

හෙට (07) සිට සෑම ගමන්වාරයක් ආරම්භයේදීම බස් රථ දෙකක් ධාවනය කිරීම සඳහා කටයුතු යොදා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ විශේෂයෙන් පාසල් වේලාවන් හා කාර්යාල වේලාවන් හීදී අදාළ ගමන්වාර ක්‍රමවේදයට අනුව බස් රථ දෙකක් ධාවනයේ යෙදවීම සඳහා ප්‍රවාහන අධිකාරියට උපදෙස් ලබා දී ඇති බවය.

"මගීන් අසුන්වල පමණක් ප්‍රවාහනය කිරීම සඳහා පසුගිය කාලයේ බස්රථවල යම් ගාස්තු සංශෝධනයකුත් කරලා දුන්නා. නමුත් සමහර මාර්ගවල අධික ලෙස මගීන් රැගෙන යන බවට තවමත් පැමිණිළි ලැබෙමින් පවතිනවා. අපි ලිඛිතව දැනුම්දීලා තියෙනවා එහෙම කරන බස්රථ වහාම අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති යටතේ කටයුතු කරන්න කියලා. ඒ වගේම අපි උපදෙස් දුන්නා සෑම ගමන්වාරයක් ආරම්භයේදීම බස් දෙකක් ධාවනය කරන්න," යනුවෙන් ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.