කිඹුලාපිටියේ ගිනිකෙළි කර්මාන්තයේ නිරත ජනතාවගෙන් මැසිවිලි

කිඹුලාපිටියේ ගිනිකෙළි කර්මාන්තයේ නිරත ජනතාවගෙන් මැසිවිලි

December 5, 2020   05:47 pm

ගිනිකෙළි නිෂ්පාදනවලින් සිය ආර්ථිකය සවිමත් කරගන්නා මීගමුව කිඹුලාපිටිය ගම්මානයේ ජනතාව අද වනවිට දැඩි ආර්ථික පීඩාවන්ට මුහුණ දෙමින් සිටී.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ඔවුන්ගෙන් ගිනිකෙළි නිෂ්පාදන මිලදී ගැනීමට මේ වනවිට කිසිවෙක් නොපැමිණෙන බව එම ජනතාව පවසයි.  

උත්සව කාලයට වෙළෙඳපොලට එන මෙම ගිනිකෙළි නිෂ්පාදනවලින් කිඹුලාපිටිය ගම්මානයේ  යැපෙන පිරිස 50,000කට අධිකය.

මෙම ගම්මානයේ ගිනිකෙළි කර්මාන්තශාලා 200ට අධික සංඛ්‍යාවක් පැවැති අතර කොවිඩ් බලපෑම හේතුවෙන් අදවන විට ඉන් එකින් එක වැසී යන බව ගම්වාසීන් පෙන්වා දෙයි.