දක්ෂිණ අධිවේගී මාර්ගය අසල අනතුරකින් කාන්තාවක් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගය අසල අනතුරකින් කාන්තාවක් මරුට

December 5, 2020   09:20 am

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නුගදූව වර්ණ සංඥා පද්ධතිය අසල සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

අකුරැස්ස දෙසින් පැමිණි ලොරි රථයක්, දෙවට ප්‍රදේශයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුවී තිබේ.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ පැදින්නෝරුව වංචාවල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවකි. ඇය කුඩා ලොරි රථයේ ගමන්කර තිබුණි.

තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරා සහ ලොරි රථයේ රියදුරා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන ගාල්ල වරාය පොලීසිය සිදුකරයි.