කහ වගාකරුවන්ගේ හදිසිය අලුත් ගැටලුවකට මග පාදයි

කහ වගාකරුවන්ගේ හදිසිය අලුත් ගැටලුවකට මග පාදයි

December 5, 2020   08:32 am

කහ වගාකරුවන් සිය කහ අස්වනු නියමිත කාලයට පෙර නෙලා ගැනීම හේතුවෙන් ඉදිරි වසරේදී රට තුළ 'බීජ කහ අල' හිඟයක් ඇතිවිය හැකි බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

එම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා පවසන්නේ වර්මානයේ රටතුළ පවතින කහ හිඟය සහ කහ සඳහා පවතින මිල ඉහළයෑම හේතුවෙන් ගොවි ජනතාව සිය කහ අස්වැන්න මෝරන්නට පෙර නෙලා අලෙවි කිරීමට කටයුතු කරන බවය.

මේ හේතුවෙන් ගොවි ජනතාවට පමණක් නොව ජාතික වශයෙන් රටට ද විශාල පාඩුවක් සිදුවන බව උපුල් රණවීර මහතා කියා සිටී.