පොහොර වංචාවක් සම්බන්ධයෙන් 5කගේ වැඩතහනම්

පොහොර වංචාවක් සම්බන්ධයෙන් 5කගේ වැඩතහනම්

December 1, 2020   05:12 pm

2018/2019 වර්ෂවලට අදාළව පොහොර බෙදා හැරිමේ විෂමාචාරවලට සම්බන්ධ නිලධාරින් 05 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ. 

කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, සාවද්‍ය ලේඛන සකස්කොට රසායනාගාර පරීක්ෂණ වාර්තා වෙනස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් පදනම් කරගනිමින් මෙම තීරණය ගනු ලැබූ බවය.

ඒ අනුව පොහොර ලේකම් කාර්යාලයේ එවකට සේවය කළ සහකාර අධ්‍යක්ෂවරු 03 දෙනෙකු සහ සංවර්ධන නිලධාරීන් 02කුගේ සේවය අත්හිටුවා තිබේ. 

විගණකාධිපති වාර්තාවට අනුව අදාළ වංචාව පිළිබඳ විමර්ශන සිදුවූ අතර, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඉල්ලීමකට අනුව අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා මේ පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කරනු ලැබීය.

ලක්පොහොර සමාගමේ මිලියන 201ක වංචාව සහ විගණකාධිපති වාර්තාව අනුව හෙළි වූ රුපියල් බිලියන 1.2කට ආසන්න මෙම වංචාව පිළිබඳ කඩිනමින් සිදුකළ පරීක්ෂණ අනුව අදාළ නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට නිර්දේශ කොට තිබේ.