මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයේන් භික්ෂූන් වහන්සේට නාමයෝජනා?-දයාසිරි

මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයේන් භික්ෂූන් වහන්සේට නාමයෝජනා?-දයාසිරි

January 21, 2020   09:03 pm

එළඹෙන මහ මැතිවරණයේදී භික්ෂූන් වහන්සේට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාවේදී තීන්දුවක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසිය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ එම පක්ෂ මූලස්ථානයේ අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න කිහිපයකද අමාත්‍යවරයා පිලිතුරු ලබා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ඉදිරි කටයුතු පිළිබඳව ද අදහස් පලකළේය.