රුපියල් 5000ක අල්ලසක් ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පොලීසියට

රුපියල් 5000ක අල්ලසක් ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පොලීසියට

January 21, 2020   05:26 pm

රුපියල් 5000 ක මුදලක් ලබාගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කලමනාකාර සහකාරවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඉතාලියේ පුරවැසිභාවය ලබා ඇති පුද්ගලයෙකුට සහ ඔහුගේ දරුවන් තිදෙනාට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට අදාල කටයුතු කඩිනම් කිරීම සඳහා අදාල නිලධාරියා රුපියල් 5000 ක මුදලක් ලබාගැනීමට සුදානම් වී ඇත.

අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී එම දෙපාර්තමේන්තුව තුළදීම අත්අඩංගුවට ගත් අදාල නිලධාරියා අද (21)  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.