මලයාසියාවට කුණු අපනයනය කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි
January 21, 2020 12:20 pm
ශ්‍රී ලංකාව විසින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළු විවිධ අපද්‍රව්‍ය මලයාසියාවට අපනයනය කරන බවට එරට රජය සිදුකර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13 කින් තම රට වෙත ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය ඇතුලත් බහාලුම් 150 ක් පමණ අපනයනය කර ඇති බව මලයාසියානු පරිසර අමාත්‍ය යෙවෝ - බී - ඉන් මහත්මිය ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත් මෙම අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගන්නා බව ද ඇය ප්‍රකාශ කර තිබුණි.
පසුගිය වසරේ තුන්වන කාර්තුවේ සිට මෙලෙස මලයාසියාව කසළ බහාලුම් ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගෙන ඇති බවද පරිසර අමාත්‍යවරිය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට අමතරව ජපානය, සිංගප්පූරුව, පෘතුගාලය, ලිතුවේනියාව, බංග්ලාදේශය යන රටවල් මලයාසියාවට කසළ අපනයනය කර ඇති බව ඇය ප්‍රකාශ කර තිබේ.
මෙම චෝදනාව සම්බන්ධයෙන් අද දෙරණ මධ්‍යම පරිසර අධිකාරියෙන් විමසීමක් කළ අතර එහිදී ඔවුන් පවසා සිටියේ ශ්‍රී ලංකාව කිසිඳු ආකාරයකින් මලයාසියාවට කසළ අපනයනය සිදුනොකරන බවයි.