අධිකරණය අසල අල්ලස් ගත් පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

අධිකරණය අසල අල්ලස් ගත් පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

January 21, 2020   12:02 pm

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසියේ සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයෙකුට එරෙහිව පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාල මුල් පිටපත් සහ ඊට අදාල සාක්ෂි සම්පිණ්ඩන ලේඛන ලබාදීම සදහා පොලිස් සැරයන්වරයා විසින්  රුපියල් 50,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවයි වාර්තා වෙයි.

එම මුදල බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී ලබාගත් අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පොලිස් සැරයන්වරයා අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.