නවගත්තේගම ගොවීන්ට ඉල්මැස්සාගෙන් කරදර

නවගත්තේගම ගොවීන්ට ඉල්මැස්සාගෙන් කරදර

September 16, 2019   11:27 pm

පසුගිය කාලයේ නවගත්තේගම ප්‍රදේශයන්ට පැවති අධික නියං තත්ත්වය හේතුවෙන් අඩපණ වි තිබු වගා කටයුතු දැඩි අසිරුතා මැද සුළුවෙන් වගා කටයුතු සිදුකර ඇති නමුත් මේ වන විට ඉල්මැස්සන්ගෙන් වගාවන්ට දැඩි හානි සිදුවන බව ප්‍රදේශයේ ගොවීන් කියයි. 

එසේ පැවති වගාවන්ට ඉල්මැස්සාගෙන් සිදුවන හානි වැඩි විමත් සමඟ වගාකරුවන් දැඩි අසිරුතාවයන්ට ලක්වි තිබේ. 

මේ ගැන නවගත්තේගම අන්දරවැව උපුල්සිරි හේරත් මහතා පවසා සිටියේ මෙවැන්නකී. 

“ නියගය මැද්දේ තමයි අපි වගා කටයුතු කලේ .මේ වන විටවැටකොළු වගාවන් කරලා තිබේනවා එයට ඉල්මැස්සා දිගින් දිගටම හානි කරන නිසා කෘමි නාශක ඉසිම කරන්නත් අමාරුයි .

පස්සේ වෙළද සැලක තිබුන ඉල්මැස්සන් උගුලක් ගෙනත් වගාවේ එල්ලුවා. දැන් ටිකක් හානිය අඩු වෙලා තිබෙනවා.

නමුත් සියයට සියයක් මෙය සාර්ථකයිකියලා කියන්නත් අමාරුයි .හැබැයි දැනට හානිය අඩු වෙලා තිබෙනවා"