මුණුපුරා හෙළි කළ මිත්තනියගේ ඝාතනය ගෙල සිර කිරීමක් බවට නිගමනයක්
September 16, 2019 10:33 pm
හැටන් වටවල පොලිස් වසමට අයත් රොසැල්ල විග්ටන් ඉහල කොටසේ පදිංචිව සිටි 84 හැවිරිදි වල්ලිඅම්මා රාගෙයි නැමති එක්දරු මව මිය ගොස් ඇත්තේ රෙදි පටියකින් ගෙල සිර කිරීමකින් බව අධිකරණ වෛද්‍යවරුන් විසින් නිගමනය කර ඇත.
අද (16) මරණය පිළිබදව පශ්චාත් මරණ පරික්ෂණය සිදු කල දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යය ඉනෝකා රත්නායක මහත්මිය ඇතුළු අධිකරණ වෛද්‍යවරුන් විසින් නිගමනය කර ඇත.
ඉකුත් 9 දින එක්දරු මව නිවසේදි මිය ගියේ යැයි කියමින් මිය ගිය කාන්තාවගේ පුතා සහ මුණුබුරා විසින් අවමඟුල් කටයුතු සිදු කිරිමට ආර්ථික පහසුකම් නොමැති බව පවසමින් සිරුර නිවස පිටුපස වගා ළිඳක දමා වසා දමා තිබියදි වටවල පොලිසියේ නිලධාරින් විසින් සොයාගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුතා මේ මස 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මුණුබරා 23 දින දක්වා පේරාදෙණිය ළමානිවසයේ රදවා තැබිමට හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් සංජිව ෆොන්සේකා මහතාපසුගිය දා නියෝග කර තිබුණි.
මිය ගිය කාන්තාවගේ අවුරුදු 8 වයසැති බාල මුණුබුරාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමේදී බාල මුණුබුරා විසින් පොලීසිය හමුවේ පවසා ඇත්තේ තම මිත්තණියට පියා, මව සහ අයියා විසින් පොල්ලකින් පහර දී පුටුවක ගැට ගැසු බවත්, ඉන් අනතුරුව අච්චිගේ දැස් වලින් සහ මුහුණෙන් ලේ ගැලීමෙන් අනතුරුව ආච්චිව උරයක දමාගෙන පියා රැගෙන ගිය බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් වටවල පොලිසිය පරික්ෂණ පවත්වයි.