තංගල්ල ඩිපෝවේ ගින්නක්

තංගල්ල ඩිපෝවේ ගින්නක්

September 16, 2019   08:33 pm

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තංගල්ල ඩිපෝවේ බස් රථ ගරාජයක අද (16) පස්වරුවේ හදිසියේ ගින්නකින් හටගෙන ඇත.

තංගල්ල ඩිපෝවේ බස් රථ අලුත්වැඩියා කරන ගරාජයක පස්වරු 5.45 ට පමණ ගින්න හටගෙන තිබිණි.

බස් රථයක් අලුත්වැඩියා කරමින් සිටියදී හදිසියේ ගෑස් ටැංකියක නළයක් පුපුරා යාම නිසා ගින්න හටගෙන ඇතැයි පොලිසිය කියයි.

ගින්න ඇති වූ විට ඩිපෝ සේවකයන් සියලු දෙනා සීසීකඩ දිවගිය අතර ඔවුන් කිසිවෙකුටත් ගින්නෙන් හානි සිදුව නැත.

බස් රථ දෙකක් අතර ගින්න හටගෙන තිබූ අතර ඩිපෝවේ ගාල් කර තිබූ බස් රථවලට හෝ ගරාජයේ තිබූ බස්රථවලට ගින්නෙන් හානි සිදුව නැත.

තංගල්ල නගරසභාවේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීහු, තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ඩිපෝ සේවකයින් සමඟ එකතු වී ගින්න නිවා දැමීමට කටයුතු කළහ.