ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට-තවදුරටත් තද වැසි
September 16, 2019 06:25 pm
දැඩි වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් තිබේ.
අත්තනගළු ඔහ, දූනමලේ ප්‍රදේශයෙන් ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අධ්යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය ප්‍රකාශ කළේය.
එමෙන්ම කළුගඟ රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශයෙන්ද, කැළණි ගඟ නෝවුඩ් ප්‍රදේශයෙන්ද සුළු ජල ගැලීම් තත්වයක් වාර්තා වන බව ඇය සඳහන් කළේය.
මේ අතර බුලත්සිංහල ප්‍රදේශයට නායයෑම් පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ඇහැළියගොඩ, අඹගමුව, මතුගම, අගලවත්ත, බදුරලිය, කිරිඇල්ල,කලවාන, රත්නපුර , වරකාපොල, දෙහිඕවිට, වලල්ලාවිට, දොඩංගොඩ සහ ඉංගිරිය යන ප්රදේශවලටද නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාකඳුර ප්‍රදේශය හරහා තද සුළඟක් හමා යාම හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට අලාභහානි සිදුව ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමාණාකරන මධයස්ථානය ප්‍රකාශ කළේය.
ඉදිරි දින කිහිපය තුළදී පළාත් රැසකට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව සඳහන් කළේය.