ජනතාව වැඩි වශයෙන්ම ඉල්ලන්නේ සජිත්-මලික්

ජනතාව වැඩි වශයෙන්ම ඉල්ලන්නේ සජිත්-මලික්

September 16, 2019   06:22 pm

ජනතාව වැඩි වශයෙන්ම ඉල්ලා සිටින නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. 

කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ කටයුතු කළයුතු බවයි. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

නාගරික මන්ත්‍රිවරියන් වන හර්ෂණි සඳරුවනි සහ යූ. සඳමාලි යන මහත්මීන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඒ බව සඳහන් කළේය.