ජනාධිපතිවරණයේදී ලාංඡනය වැදගත් වෙන්නේ නෑ-ජී එල් පීරිස්

ජනාධිපතිවරණයේදී ලාංඡනය වැදගත් වෙන්නේ නෑ-ජී එල් පීරිස්

September 16, 2019   06:18 pm

මැතිවරණ ලාංඡනය සම්බන්ධයෙන් මූලිකව සාකච්ඡා කිරීම ජනාධිපතිවරණයේදී වැදගත් නොවන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. 

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මැතිවරණයකදී මැතිවරණ ලාංඡනය සම්බන්ධයෙන් නම්‍යශීලිව කටයුතු කිරීමට තම පක්ෂය සුදානම් බවයි.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි  ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මේ වනවිට දරන උත්සහය විහිළුවක් බවයි. 

මේ අතර තමාගේ පක්ෂ නායකයා නුසුදුසු බවට එහි සාමාජිකයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රිවරයා එහිදි ප්‍රකාශ කළේය.

එහිද වැඩිදුරටක් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවයට ආරාධනා ලැබුනා හො නොලබුණා ඒ සඳහා සුබ පතන බවයි.