මාර ගසක් යට තනි වු දිවි පැටවා

මාර ගසක් යට තනි වු දිවි පැටවා

September 15, 2019   11:56 am

බගවන්තලා තේ වත්තක මාරගසක් යට සිටි හදුන් දිවි පැටවෙකු අද (15) හමුවූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වෝල්ඩ් වතුයායේ ඉහල කොටසේ තේ වත්ත මැද පිහිටි විශාල මාරගසක් අභියස කුඩා හදුන් දිවි පැටවා සිටියදී තෘණ කැපීමට ගිය වතුකම්කරුවෙක් හදුන්දිවි පැටවා දැක ඒ පිළිබදව පොලීසිය වෙත දැනුම් දී තිබේ.

දින කීපයක් වයසැති හදුන් දිවි පැටවා මව විසින් ගෙනවිත් දමා මව තවත් පැටවුන් ගෙන ඒමට හෝ ගොදුරු සෙවීමට ගොස් ඇතිබවට වතුකම්කරුවන් සැකකරයි.

තේ වත්තේ සිටිහදුන් දිවි පැටවා පිලිබදව නල්ලතන්නිය වනජීවි නිලධාරින් වෙත දැනුම් දී ඇති බව බගවන්තලාව පොලීසිය පැවසීය.