පොලිසියේ සහායත් ලැබුණු රැකියා ජාවාරමක්
September 14, 2019 06:59 pm
මෙරට ප්රමුඛ පෙළේ රාජ්ය හා පෞද්ගලික ආයතනවල විවිධ රැකියා ලබා දෙන බව පවසමින් තරුණයින් රවටන ජාවාරමක් පිළිබඳව උකුස්සාට කුරුණෑගලින් තොරතුරු අනාවරණ වුණි.
විසඳුම රැකියා නැමැති අදාල ආයතනය එලෙස ඉල්ලුම්පත් යොමුකරන එක් තරුණයකුගෙන් රුපියල් 500ක මුදලක් ලබාගෙන ලියාපදිංචි කර, අනතුරුව තවත් රුපියල් 5000 ක මුදලක් ලබා ගැනීම සිදු කරන බව එහිදී වැඩිදුරටත් වාර්තා වුණි.
අනතුරුව උකුස්සා රැකියාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන මුවාවෙන් එම ස්ථානයට ගියේය.
පසුව එහි සිටි සේවිකාවක් සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් කරුණු පැහැදිලි කළේය.
මෙම අවස්ථාවේ තවත් තරුණයින් පිරිසක් පැමිණ තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ආයතනයේ සේවකයින් පිරිසක් සමඟ සංවාදයක නිරත වුණි.
ඒ අනුව මේ පිළිබඳව අප කුරුණෑගල පොලිසියට පැමිණිලි කළ විට ලැබුණේ "ඕක සිවිල් ආරවුලක්නේ. පොලිසියට ඕකට ඇක්ෂන් ගැන්න බෑ." යනුවෙන් ප්රතිචාරයකි.
පොලිසියත් සිටින්නේ ජාවාරම්කරුවන්ට සහාය දක්වන තත්ත්වයක නම් මේ ජාවාරම නීතියේ රැහැනට හසුකරගන්නේ කෙසේද ?
පොලිස් දෙපාර්තමේන්තුව මේ පුවතින් පසුව ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර දෙස අද දෙරණ උකුස්සා අවධානයෙන්.