උකුසු ඇසට හසුවු නිලධාරීයෙකුගේ වංචනික මුදල් ගැනීමේ ජාවාරම

උකුසු ඇසට හසුවු නිලධාරීයෙකුගේ වංචනික මුදල් ගැනීමේ ජාවාරම

September 13, 2019   08:43 pm

බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගනයේ ඇති පිහිණුම් තටාකය පාලනය වන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේයි.

ප්‍රදේශයේ සිටින ළමුන් ඇතුළු පිරිසගේ ක්‍රීඩා කෞෂල්‍ය දියුණු කිරීම සඳහා ඉදිකර ඇති මෙයින් පිහිණුම් තටාකය භාර නිලධාරියා හිතුමනාපෙට විවිධ පිරිස් යොදවා මුදල් අයකරගන්න බවට උකුස්සාට තොරතුරු අනාවරණ වුණි.

ඒ අනුව උකුස්සා සිදුකළ සොයා බැලීමේදී දැකගත හැකි වුණේ ළමුන් විශාල පිරිසක් මෙහි දෛනිකව පුහුණුවීම් සඳහා පැමිණෙන ආකාරයයි.

තවදුරටත් උකුස්සා සිදුකළ ගවේෂණයේදී දැකගත හැකිවුණේ මෙම ක්‍රීඩාංගණයයේ සේවය කරන පුද්ගලයෙකු විසින් පුහුණුවීම් සඳහා පැමිණෙන ළමුන්ගෙන් පැය දෙකකට රුපියල් 200 ක මුදලක් අයකරගන්නා බවයි.

මෙලෙස මුදල් අයකිරීම සම්බන්ධයෙන් අප තවදුරටත් ගවේෂණයේ යෙදුණි.

එහිදී අනාවරණය වූයේ මෙම ක්‍රීඩංගණයේ තවත් ස්ථානයක මේ සඳහා ටිකට්පත් නිකුත් කරන ස්ථානයක් ඇති අතර ටිකට්පතක් නොමැතිව පිහිණුම් තටාකයට ඇතුළුවිය නොහැකි බවයි.

කෙසේ වෙතත් පිහිණුම් තටාකය භාර නිලධාරියා විසින් අදාළ උපදෙස් තුට්ටුවකටවත් මායිම් නොකර රජයට ලැබිය යුතු මුදල් පෞද්ගලිකව ලබා ගන්නේ කෙසේද ?

මේ වංචනික නිලධාරීයාගේ වැඩපිළිවෙළට එරෙහිව බලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන තෙක් අද දෙරණ උකුස්සා අවධානයෙන්ය.