පිළිසරණක් අවැසි මොහොතක

පිළිසරණක් අවැසි මොහොතක

September 13, 2019   01:35 pm

අකුරු කරන්නට ගොඩනැඟිල්ලක් අවැසි දරුවන් වෙනුවෙන් පසුගියදා නව දෙමහල් ගොඩනැඟිල්ලක් වෙනුවෙන් මුල්ගල් තැබුණි.

ඒ මනුසත් දෙරණ හා ඇක්සෙස් ඉංජිනියරියන් පුද්ගලික සමාගම එක්වයි. 

මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පින්නකන්ද මහා විද්‍යාලයයි.

මෙරට බොහෝ පාසල්වල දරුවන්ට ලැබෙන සම්පත් මේ දරුවන්ට හිමි වී ඇත්තේ ඉතා අඩුවෙන්.

එබැවින් ඇක්සෙස් ඉංජිනියරින් පුද්ගලික සමාගම ද මනුසත් දෙරණ සමග එක්ව එම පහසුකම් සැලසීම වෙනුවෙන් පසුගිය දා පියවර ගත්තේය.

ඒ දෙමහල් ගොඩනැගිල්ලක් වෙනුවෙන් මුල්ගල තබමින්.

පොල්අතු මඩුවක අකුරු කළ මේ දරුවන් බලා සිටින්නේ මුල්ගල තැබුණු මේ ගොඩනැගිල්ලේ අකුරුකරන දා උදාවන්නේ කවදාද යන්නයි.