වැව් තාවුල්ලේ තනි වු පුංචි දඟකාරයා
September 13, 2019 12:39 pm
මාන්තෙයි බටහිර පරප්පුකන්ඩාල් වැවේ ජලය බීමට පැමිණි රෝගී වු අලි පැටියෙකු දින ගණනාවක සිට වැවේ සිටින බව පරප්පුකන්ඩාල් ප්රදේශවාසීන් පවසති.
ප්රදේශවාසීන් පැවසුවේ පවතින නියඟය හමුවේ ජලය සොයාගෙන පැමිණි අලි පැටියා අලි රැලෙන් වෙන් වි තනිව වැවට පැමිණ ඇති බවයි.
අලි පැටියා කිසියම් රෝගී තත්ත්වයෙකින් පෙළෙන ආකාරයක් දැක ගැනීමට හැකි අතර,ගමන් කිරීමේ අපහසුතාවයකින් පෙළෙන බවද ප්රදේශවාසීන් පැවසූහ.
අලි පැටියා සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හා වනජිවි නිලධාරීන් දැනුවත් කොට ඇති බවද ප්රදේශවාසීන් සඳහන් කළේය.
අලි පැටියාට කඩිනමින් ප්රතිකාර කළ යුතු බවද ගම්වාසීන් පෙන්වා දෙයි.