වසර 71ක් පුරා රටේ දියුණුවට පියවර ගෙන නෑ-අනුර කුමාර

වසර 71ක් පුරා රටේ දියුණුවට පියවර ගෙන නෑ-අනුර කුමාර

September 12, 2019   06:38 am

වසර 71ක් පුරා පාලනය කළ කිසිදු පාලකයෙකු කිසිදු ක්ෂේත්‍රයකින් රට දියුණු කිරිමට පියවර ගෙන නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ සියලු පාලකයින් රට අරාජික තත්ත්වයට පත් කිරිමට කටයුතු කර ඇති බවයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේය.