අනධ්‍යයන සේවකයින් අදත් වර්ජනයේ

අනධ්‍යයන සේවකයින් අදත් වර්ජනයේ

September 12, 2019   06:35 am

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද තෙවන දිනයටත් ක්‍රියාත්මක වෙයි.

තම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා කිසිදු බලධාරියෙක් මේ වන තෙක් අවස්ථාවක් ලබා දී නොමැති බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ මාධ්‍ය ලේකම් කේ.එල්.ඩි.ජේ.රිච්මන්ඩ් මහතා පැවසුවේය.