අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පතට අනුමැතිය
September 11, 2019 03:12 pm
2019 ජුනි මස 14 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ (10) කැබිනට් අනුමැතිව හිමිව ඇත.
පනත් කෙටුම්පත සලකා බැලීමට රැස්වූ ආංශික අධීක්ෂණ කමිටුව පනතට සංශෝධන කිහිපයක් යෝජනා කර ඇති අතර, නීති කෙටුම්පත් සම්පාදක විසින් එකී සංශෝධන කමිටු මට්ටමේ සංශෝධන ලෙස කෙටුම්පත් කර ඇත.
අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර ලබා දී ඇති තීරණය පරිදි පනත් කෙටුම්පතේ හරයට බලපාන කමිටු මට්ටමේ සංශෝධන සහිතව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පෙර අනුමැතිය පිණිස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු ව ඇත.
එබැවින්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමාත්‍යවරිය විසින් උක්ත කමිටු සංශෝධන සහ 2019 ජුනි මස 14 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර පසු අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කරන ලදී.
තවද ,
1997 අංක 30 දරන ඇප පනතේ සඳහන් දඩ මුදල් වැඩි කිරීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය හිමිව ඇත.
ඇතැම් පනත්වල සහ ආඥා පනත්වල අඩංගු විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පනවන ලද දඩ මුදල් එවැනි උල්ලංඝනය කිරීම් වැළැක්වීම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පවසමින් එම තත්ත්වය අධ්‍යනය කිරීමට සහ අවශ්‍ය නම් එම දඩ මුදල් ඉහළ නැංවීම සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට හිටපු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් මීට පෙර අවස්ථාවක කමිටුවක් පත් කර තිබේ.
ඒ අනවු 1997 අංක 30 දරන ඇප පනතේ සඳහන් දඩ මුදල් වැඩි කිරීම සඳහා එම කමිටු වාර්තාවේ නිර්දේශ කර ඇත.