වැඩි මිලට පිටි අලෙවි කළ වෙළඳුන් 200කට නඩු

වැඩි මිලට පිටි අලෙවි කළ වෙළඳුන් 200කට නඩු

September 11, 2019   12:27 pm

අනුමත මිලට වඩා වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ වෙළඳ නියෝජිතයින් 200 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. 

එම අධිකාරියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ජීවන වියදම් කමිටුවේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 යි ශත 50 කින්වැඩි කිරීමට සමාගම් පසුගියදා පියවර ගෙන තිබූ බවයි. 

ජීවන වියදම් කමිටුවේ අනුමැතියකින් තොරව මෙම මිල වැඩිකිරීම්  සිදුකිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන්නීතිමය පියවර ගැනීමට හා වැඩි මිලට පිටි අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් සිදුකිරිමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. 

ඒ අනුව ගත වු දින කිහිපය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ වෙළඳ නියෝජිතයින් 200 දෙනෙකු නීතියේරැහැනට හසුකර ගැනීමට හැකි වූ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේය. 

මේ අතර තිරිඟු පිටි මිල අඩු කරන බවට සමාගම් විසින් ඊයේ පැවති ජීවන වියදම් කමිටුවේදී ප්‍රකාශ කළ බවට කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාසදහන් කළ ද මේ වන තෙක් සමාගම් විසින් මිල අඩු කිරීමක් සිදුකර නොමැති බවයි වාර්තා වේ.

 තිරිඟු පිටි මිල අඩු නොකරන බවට සමාගම් විසින් සිය අලෙවිනියෝජිතයින් වෙත දැනුම්දීමක් සිදුකර ඇති බව අද දෙරණට වාර්තා වුණා. කෙසේවෙතත් වෙළඳපොළ තුළ තිරිඟු පිටි හිඟයක් නිර්මාණයකිරීම තිරිඟු පිටි සමාගම්වල අරමුණ වී ඇති බව ද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේය.  

මේ අතර ඉහල දැමුණු තිරිඟු පිටි මිල ඉහල දැමීමට කිසිඳුතීරණයක් ගෙන නොමැති බව සමාගම් විසින් තමන්ට දැනුම්දී ඇති බව සමස්ත ලංකාබේකරිහිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය. 

මේ හේතුවෙන් පාන් මිල පහල දැමීමේ කිසිදු හැකියාවක්නොමැති අතර මෙම අර්බුදකාරී වාතාවරණයට කඩිනම් විසදුම් ලබාදිමට රජය පියවර ගත යුතුබවයි එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේය.