නාඳුනන මළ සිරුරක් සොයාගනියි
August 23, 2019 02:50 pm
හලාවත-පුත්තලම දුම්රිය මාර්ගයේ බංගදෙණිය, මානුවන්ගම පාලම උඩ තිබී නාඳුනන මළ සිරුරක් හමුව ඇති බව හලාවත පොලීසිය පවසයි.
ඊයේ(22) සවස දුම්රිය මාර්ග පරීක්ෂකවරයෙකු විසින් හලාවත පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම මළ සිරුර සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.
මෙලෙස මිය ගොස් ඇති අය වයස අවුරුදු 60ක් පමණ වන අයෙකු බවට අනුමාන කර හැකි යැයි පොලීසිය සඳහන් කරයි.
බංගදෙණිය හදිසි මරණ පරීක්ෂක ආනන්ද වික්රමනායක මහතා මළ සිරුර තිබූ ස්ථානයට ගොස් සිදු කරන ලද ස්ථානිය පරීක්ෂණයක් සිදු කර තිබේ.
අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සහ හඳුනා ගැනීම සඳහා හලාවත මහා රෝහලට ගෙන යන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා පොලීසියට නියෝග කර ඇත.
මෙම මළ සිරුර මේ වන විට හලාවත මහා රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.