හකීම්ගේ සම්බන්ධීකාරකවරුන් 85කට ජල සම්පාදනයෙන් මුදල් ගෙවූ බවට හෙළි වෙයි

හකීම්ගේ සම්බන්ධීකාරකවරුන් 85කට ජල සම්පාදනයෙන් මුදල් ගෙවූ බවට හෙළි වෙයි

August 23, 2019   02:00 pm

ජාතික ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයේ සේවයකයින් 85 දෙනෙකු අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ සම්බන්ධීකාරකවරුන් ලෙස පත්විම් ලබාදී ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

එමන්ම එම සම්බන්ධීකාරකවරුන්ට රුපියල් කෝටි 16ක මුදලක් වැටුප් ලෙසද ගෙවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණි.

ඒ ඊයේ(22) කොප් කමිටුව හමුවට ජාතික ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරින් කැඳවු අවස්ථාවේදීය.