ධුරවලින් ඉවත් වූ මුස්ලිම් ඇමතිවරු දෙන්නෙක් නැවත දිවුරයි
August 23, 2019 01:07 pm
ඉල්ලා අස් වු ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු යළි රාජ්‍ය අමාත්‍ය ධුර වල දිවුරුම් දී තිබේ.
මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් සහ අලි සහීර් මව්ලානා යන මන්ත්‍රිවරුන් අද(23) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අලි සහීර් මව්ලානා මහතා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.
ඔවුන් දෙදෙනා මීට පෙර කටයුතු කළේ ද එම රාජ්‍ය අමාත්‍ය ධුරවලයි.